ශ්‍රී ලංකාවේ gaming ප්‍රජාවට අද සැබවින්ම ආඩම්බර විය යුතු දිනයක්ය. ඒ  මහසෝනා – The Guardian of The Graveyard පරිගණක ක්‍රීඩාව අද ලොව පුරා gaming ප්‍රජාවට නිකුත් වීමත් සමගමය. මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අපගේ දක්ෂ game developers පිරිසක්  විසින් සංවර්ධනය කර පරිපූර්ණ කර ඇති එය ජාත්‍යන්තර මට්ටමේ  පරිගණක ක්‍රීඩා වලට නොදෙවැනි වෙයි. මෙය බිය සහ  ත්‍රාශය රැගත්  multiplayer ගනයේ මෙතෙක් ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම පරිගණක ක්‍රීඩාවක්  වෙයි. 

ක්‍රීඩාව ගැන

මහසෝනා සංවර්ධනය කරන ලද්දේ RAM Studios විසිනි. එය දක්ෂ නිර්මාණකරුවන් සහ 3-D කලාකරුවන්ගෙන් සමන්විත ස්වාධීන ක්‍රීඩා සංවර්ධන ආයතනයකි. මහසෝනා – The Guardian of The Graveyard පරිගණක ක්‍රීඩාව සැදීමට Unreal engine යොදාගෙන ඇත.

නිෂ්පාදකයන්  වෙළඳපොලේ සිටින සියලුම ක්‍රීඩකයින්ගේ අවශ්‍යතාවයන්  සැලකිල්ලට ගෙන අවම specifications සමඟ ක්‍රීඩා කිරීමට හැකි වන අන්දමින් මෙය නිර්මාණය කර ඇත. මහසෝනා ක්‍රීඩා කිරීමට අවශ්‍ය  minimum සහ recommended specifications පහත පරිදි වේ.

MINIMUM:

  • Requires a 64-bit processor and operating system
  • OS: Windows 7 / Windows 10 64bit
  • Processor: Intel Core2Duo 3GHz / AMD Athlon II X2 250
  • Memory: 4 GB RAM
  • Graphics: NVIDIA GT 730 / Radeon R7 240 2GB
  • DirectX: Version 11
  • Network: Broadband Internet connection
  • Storage: 2 available space GB available space
  • Sound Card: Yes

RECOMMENDED:

  • Requires a 64-bit processor and operating system
  • OS: Windows 7 / Windows 10 64bit
  • Processor: Intel core i3 3.10 GHz / AMD E1-2100
  • Memory: 6 GB RAM
  • Graphics: NVIDIA GTX 650 / Radeon HD 5970
  • DirectX: Version 11
  • Network: Broadband Internet connection
  • Storage: 2 available space GB available space
  • Sound Card: Yes

කතාවෘන්තය  

මහසෝනා හි සංවර්ධකයින් ශ්‍රී ලංකාවේ උරුමය ක්‍රීඩාවේ හදවතට ඇතුළු කර  ඇත්තේ  පුරාණ ශ්‍රී ලාංකික මිථ්‍යා මත තුලිනි. එහි පුරාණ නිධානයක් , මිත්‍යා යක්ෂකයෙකු  වන මහසෝනා විසින් එය ආරක්ෂා කරනු ලැබේ. ක්‍රීඩාව 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට වරකට සෙල්ලම් කිරීමට ඉඩ සලසයි, එයින් 4 ක් චරිත ලෙස රඟපානු ඇති අතර ඔවුන්ගේ  එකම මෙහෙවර වන්නේ ආරක්‍ෂිත නිධානය අනාවරණය කර ගැනීමයි. ඉතිරි ක්‍රීඩකයා මහසෝනා ලෙස ක්‍රීඩා කර නිධානය අනාවරණය කර ගැනීම වලක්වනු ඇත. මෙහි තරගකාරිත්වය තව දුරටත් වැඩි කිරීමට නිධානය සොයාගත යුතු කාල සීමාවක් ඇත. එමෙන්ම මෙහි  සෑම චරිතයක් සඳහාම අද්විතීය හැකියාවන් සපයන අතර එම නිසා තරගයේ  සාර්ථකත්වය ඉහලින්ම ලබා ගැනීමට නම්  නිවැරදි චරිත සංයෝජනයක් තිබිය යුතුය. 

ක්‍රීඩාව ලබාගැනීමට 

මහසෝනා – The Guardian of The Graveyard ඔබට Steam ඔස්සේ ලබාගත හැක.

https://store.steampowered.com/app/1236040/Mahasona/

RAM Studios ශ්‍රී ලංකාව  තුළ විප්ලවීය ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට සමත් වී ඇති අතර දේශීය හා ගෝලීය ප්‍රජාවේ ප්‍රතිචාරය දැකීමෙන් අපි සතුටට පත් වන්නෙමු. RAM Studiosහි මෙම නිර්මාණය  ගැන අපි ඔවුන්ට සුබ පතන අතර වඩාත් ඔවුන්ගේ ඉදිරි නිර්මාණ එලි දක්වන තුරු අපි නොඉවසිල්ලෙන් බල සිටිමු. මහසෝනා – The Guardian of The Graveyard ගැන වැඩි විස්තර සදහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

http://mahasona.lk/