E2S x Alliance Pro Scrim Series යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත Tier 1 Invitational Scrim මාලාවක් වන අතර, රටවල් අතර හොඳම ක්‍රීඩකයින්ට වෙන කවරදාකටත් වඩා තරඟකාරී මට්ටමකින් විශිෂ්ටතම කණ්ඩායම වීම සඳහා සටන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. කණ්ඩායම් තෝරාගනු ලබන්නේ ඔවුන්ගේ රටේ ඔවුන්ගේ performance මත පදනම්වය .  උදාහරණ ලෙස තරගාවලි  ජයග්‍රහණ, SLESA ශ්‍රේණිගත කිරීම්, PUBG Mobile ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ Leagueහි  ඉහළම ස්ථාන යනාදියයි. E2S x Alliance Pro Scrim Seriesහි ප්‍රධානතම අරමුණ වන්නේ එළඹෙන PMCO Fall Split 2020 සඳහා කණ්ඩායම් සූදානම් කිරීම සහ නව නැගී එන කණ්ඩායම් ජාත්‍යන්තර  තරඟකාරී මට්ටමට ගෙන එමයි. 

               සෑම ඉරිදා දිනකම සවස 6 ට මෙම Scrim මාලාව පවත්වනු ලැබේ. එහිදී තරඟ 3 ක් ක්‍රීඩා කරනු ලබන අතර තරඟ 3 අවසානයේ points tableහි අවසාන  කණ්ඩායම් 3 E2S x Alliance Pro Scrim Series වලින් ඉවත් වෙයි. මෙම ඉවත් වූ කණ්ඩායම් වලට සති 2කට පසු නැවත වරක් තරඟ කිරීමට අවස්ථාව ලැබෙයි. කණ්ඩායම් ඉවත් වූ පසුව ඇතිවෙන පුරප්පාඩු සදහා නව කණ්ඩායම් තෝරා පත්කරගනු ලැබෙයි.  

E2S x Alliance Pro Scrim Series හි පළමු අදිරය ජුනි 28වැනි ඉරිදා ආරම්භ වන අතර www.facebook.com/n00bAlliance/ ඔස්සේ  ඔබට සජීවීව නැරබීමට හැක.