PUBG Mobile Club Open යනු ගෝලීය මට්ටමේ තරඟයක් වන අතර එහිදී විවිධ කලාපවල PUBG ජංගම කණ්ඩායම් එකිනෙකා සමඟ සටන් කොට ශූරතාවය දිනා ගනී. තරඟාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර ඒවා Spring Split සහ Fall Split නමින් හදුන්වයි. කලාපීය අවසන් තරඟයට පිවිසීම සඳහා විවිධ රටවල කණ්ඩායම් qualifiers, Group අදියර සහ අර්ධ අවසන් තරඟ වලදී සටන් වදිති. එතැන් සිට ඔවුන් PMPL (PUBG Mobile Pro League) සහ පසුව World League වෙත ගමන් කරනු ඇත. 

 

PMCO Fall Split 2020 දකුණු ආසියානු කලාපයේ තරඟ කරන රටවල් මොනවාද?

භූතානය 

ශ්‍රී ලංකාව 

බංග්ලාදේශය

නේපාලය

මාලදිවයින

 

PMCO Fall Split සඳහා වන ලියාපදිංචිවීම්  ජුනි 24 සිට ජූලි 12 දක්වා වෙයි. ඔබගේ කණ්ඩායම අදම ready කරගෙන මෙම කාල සීමාව ඇතුලත නොවරදවාම ලියාපදිංචි කරන්න.

ලියාපදිංචි කණ්ඩායම් අවම වශයෙන් තරඟ 32 න් 8 ක්ම ක්‍රීඩා කළ යුතුය. කණ්ඩායමක්  වැඩියෙන්ම points ලබාගන්නා තරග 8 එම කණ්ඩායමේ final standings සදහා සලකයි. Final standings වල top teams 32 Group stages සදහා සුදුසුකම් ලබයි.

ඉහත සඳහන් කළ දිනයන්හි ඔබගේ උපාංගයේ PUBG ජංගම යෙදුම විවෘත කරන්න. ආරම්භක බොත්තමෙහි දකුණු පැත්තේ ඇති මෙනු අංශයට යන්න. මෙහි ඔබට Sponsored Match option එකක් පෙනෙනු ඇත .

Online qualifier සඳහා ඉහත සදහන් කාල සීමාවන්හි සහභාගී වීමට හැක. සෑම දිනකම තරඟ 4 ක් පැවැත්වෙන අතර, සෑම දිනකම GMT වේලාවන් 19: 00-19: 10, 20: 00-20: 10, 21: 00-21: 10, සහ 22:00 -22: 10 යන කාලයන්හි ඒවාට සම්බන්ද වීමට හැක. එක කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩා 32 ක් ක්‍රීඩා කළ හැකි අතර හොඳම ක්‍රීඩා 8 සුදුසුකම් සඳහා ගණනය කරනු ලැබේ. Sponsored Matches අංශයේ Online Qualifiers හි  සම්පූර්ණ results  ක්‍රීඩකයන්ට දැකිය හැකිය.

මෙම තරගාවලියට සහභාගි වන සියලුම කණ්ඩායම් වලට අපි සුබ පතනවා.